feature-top

මේෂ ලග්නය

21-09-2018 / 27-09-2018
හොඳ වගේම නරකත් ඇති කරයි.

රැකියාවේ පැවති අර්බුධකාරී බව නැතිවී යයි. වැඩ කටයුතු ප්‍රමාදයකින් තොරව කරගෙන යාමට හැකිවෙයි. ව්‍යාපාර වගේම වෙළදාම් ආදිය කරන උදවියට ඒවා සාර්ථක කර ගැනීමට හැකි පරිසරයක් උදා කෙරේ. හිතුවක්කාර වැඩ වලින් හා පාලනයක් නැති වැඩ නිසා සිතට කරදර වගේම ස්ථීර වැඩ පිළිවලක් අනුව කටයුතු කිරීමට නොහැකි වෙයි. එහෙත් හවුලේ සිටින අය සමඟ යම් කිසි සම්මුතියකට පැමිණීම තුලින් වැඩ කටයුතු කරගෙන යාමටද හැකිවෙයි.

හවුලේ වැඩට හොඳයි. අවිවාහක අයට මංගල යෝග ඇති කරන අතර විවාහකයින්ට සිතූ පරිදි තම පවුල සමඟ සාමයෙන් වැඩ කරගැනීමට හැකියාව ලැබේ. ප්‍රේමවන්තයන්ටද යම් සහනශීලී බවක් ඇති කරයි. මුත්‍රා දෝශ, බඩේ ගෑස් රෝග, පපුවේ දහන ගතිය හා විස කැවීම් ඇති කරයි.

ජය අංක  :- 4, 6, 7
ජය වර්ණ :- රතු, කහ
ශ=භ දිනය :- අඟහරුවාදා, සිකුරාදා

ඉස්තම්ම කියා විකුණන දේවල් බාලවිය හැකිය. සමහරවිට බාල යයි සිතන දේ වැඩි කල් ප්‍රයෝජනයක් ගත හැක. ඉස්තරම්ම කරන වැරදි වැඩ නිසා බාලයන් සේ දැනේ. වැරැද්දට අනිවාර්යයෙන් දඩුවම් ලැබේ. නිරපරාදේ දඩුවම් ලබන අයද සිටිති.

වෘෂභ ලග්නය

21-09-2018 / 27-09-2018
හදිසි කරදර

පාසල් යන දූ දරුවන්ට යහපත් කාලයක් වන අතර වැඩ කරටයුතු පහසුවෙන් හා බුද්ධිමත්ව කරගැනීමට හැකියාව ලැබේ. එහෙත් සිතට වද වේදනා දෙන ප්‍රශ්න සහ කළකිරීම් ඇති කරයි. සමාදානය අහිමි කෙරෙයි. වෛරය ද්වේශය තරහව කෝපය වැනි නරක අදහස් සිත තුලට ගලාගෙන එයි. හිතට වහල් වී වැඩ කළහොත් අමාරුවේ වැටේ.
හදිසි ඇට බිඳීම් වලට හා ඇට කටු වලට හානි ඇතිවීමටද වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංහල වෙදකම ආයුර්වේද තෙල් ඛෙහෙත් කසාය පාවිච්චියට නැඹුරු වෙයි. සීයාට වගේම මවුට අපල ඇති කරයි. විදේශගත වීම වගේම විදේශයේ සිට ලංකාවට ඒමටද හැකියාව ඇති කරයි. ගුද මාර්ගවල අවහිර වීම ඒ ආශ්‍රිත රෝග ඇඟ වේලීම හා හමේ රෝග ඇති කරයි.

ජය අංක :-  5, 6, 8
ජය වර්ණ :- රතු, නිල්
ශ=භ දිනය :- සිකුරාදා, සෙනසුරාදා

අධිවේගී මාර්ගයේ වේගයෙන් වාහන ගියත් එහි සිහිබුද්ධියෙන් නොගියොත් එනම් නින්ද ගියොත් මහා විපතකි. කොයි පාරක ගියත් සිහාබුද්ධියෙන් තොරව ගමන් බිමන් නොගියොත් විපතකි. අනතුරකි. එම නිසා සිහියෙන් බුද්ධියෙන් පාරේ යාම නුවණට හුරුයි.

මිථුන ලග්නය

21-09-2018 / 27-09-2018
විවාහ කරදර

තරමක් විශම ග්‍රහ තත්වයක් ඇති කරයි. විශේෂයෙන් පවතින විවාහ දිවියේ ගැටලූ හා එදිනෙදා ප්‍රශ්න දිගින් දිගටම ඇදී ඇදී යයි. සැළකිල්ලෙන් වැඩ කළත් හොඳ ඇසීමට බැරිය. උගත් දරුවන්ගේ උසස් අධ්‍යාපනය කටයුතු වල යම් ප්‍රබෝධයක් හා ඉදිරියට යාමක් ඇති කරයි. හදිසි අනතුරු වලින් පීඩාවට පත්වීම හා රෝහල්ගත වීම් ආදියට හේතු වෙයි. තම අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට එන නෑදෑයන් වැඩේ ඉවර වුන විට තමන්ට දොස් කියමින් යයි.
අඹු-සැමි විවාහ සුවය නැති වෙයි. එකිනෙකාට චෝදනා කරගෙන විවාහය කඩාකප්පල් කර ගැනීමට පවා ඉඩ ඇති කරයි. හෘද රෝග පපුවේ කැක්කුම් මුත්‍රා දෝශ අර්ශස් රෝග ලේ පිටවීම් ඇති කරයි.
ජය අංක :- 4, 5, 9
ජය වර්ණ :- කොළ, නිල්
ශ=භ දිනය :- බදාදා, සිකුරාදා

අපරාධයක් කර උසාවියේදී මුදල් වියදම් කර සත්‍ය වසන් කර නිදහස් වූවත් ඔහුට හෝ ඇයට හිත නිදහසේ සිටීමට ඉඩ නොදෙයි. හිතට වද දෙයි. කළ අපරාදය සිහියට නැගෙයි. මනස අවුල් වෙයි. යන එන තැන් අමතක වෙයි. විකාර කියයි. අන්තිමේදී මුලාවී මරණයට පත්වෙයි. 

කටක ලග්නය

21-09-2018 / 27-09-2018
මංගල යෝග

මෙතෙක් කල් පැවති අඹු-සැමි ආරවුල් විසඳා ගැනීමට හැකිවෙයි. විවාහ ප්‍රමාද වී සිටින අයට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වෙයි. ඒ වගේම හිතුවක්කාර තීරණ ගැනීමට ඉඩ ඇති නිසා කල්පනාකාරීව විවාහ කටයුතු කරගන්න. විවාහ වී සිටින අයට තරමක සහනයක් වගේම හවුල් කටයුතුද යම් ප්‍රගතියක් පෙන්නුම් කරයි. අධ්‍යාපනය ලබන උගත් සරසවියට ගිය දරුවන්ටද ඉතා යහපත් බුද්ධි මට්ටමක් ඇති කරයි.

එහෙත් හිස කෙළින් තියාගෙන වැඩ කටයුතු කිරීමට නොහැකි වෙයි. ඉඩම් නිවාස වාහන මිළදීගැනීම් කෙරෙහි යොමුවෙයි. යටි බඩේ රෝග මුත්‍රා රෝග ලේ වල සීනි වැඩිවීම ක්ලාන්ත ගතිය ඇතිවිය හැකිය.  

ජය අංක  :- 3, 5, 9
ජය වර්ණ :- සුදු, රතු
ශ=භ දිනය :- සඳුදා, සිකුරාදා

අපි එළවලූයි බතුයි කන්නේ අපි ශාන්තිවාදී අය නිසා. ඒ නිසා අපි වැරදි කරන්නේ නැත. අවිහිංසාවාදී බව කියන අයම රාත්‍රී කාලයට ජඩ වැඩ කරති. කලූවර වෙලාවට හොඳ වැඩ කරති. දවල්ට හොඳ වැඩ කරති. රාත්‍රියේ පවුකම් කරති. ඉතින් මේ දෙබඩි ජීවිත හඳුනාගත යුතුය.

කන්‍යා ලග්නය

21-09-2018 / 27-09-2018
හිතේ දුක් කරදර

දරුවෙකුගේ අවශ්‍යතාවයක් සපුරාලන්නට සිදුවෙයි. නැත්නම් රෝගීව සිටියේ නම් වඩාත් අමාරු වී රෝහල් ගතවීමක් වැනි සිදුවීමක් සිදුවිය හැකියි. ඉඩම්, නිවාස, ස්ථාන කරදර ඇති කරයි. ඒවා සමථයකට පත් කර ගැනිමට පවුලේ අයගේ සහය පැතුවත් එයින් ප්‍රයෝජනයක් ඇති නොවෙයි.
ඉගෙන ගන්නා දරුවන්ට යහපත් ග්‍රහ රටාවක් පිහිටීම නිසා අධ්‍යාපනය කටයුතු දියුණුවීමක් ඇති වෙයි. හිත ආඩම්බර ගති ඇති කරයි. ආදායම් තත්ත්වය යහපත් වෙයි. මංගල යෝජනා ස්ථීර වෙයි. නැත්නම් විවාහය සිදුවෙයි. හෘද රෝග, මානසික පීඩා හා රුධිර පීඩන තත්ත්වයන් උදා කරයි.

ජය අංක :- 1, 2, 4
ජය වර්ණ :- කොළ, නිල්
ශ=භ දිනය :-  බදාදා, සිකුරාදා

දුක්බර කතා, දුක්බර වේදනා, දුක්බර සිතුවිලි, දුක්බර කතාන්දර, දුක්බර ආයාචනා, දුක්බර වචන මාලා, දුක්බර කැක්කුම්, දුක්බර මිනිසුන් ආදී නම්වලින් ඇතුලත් වූයේ දුකම ගෙවීමය. එහෙත් සැපක් නැතිවම මුළු ජීවිත කාලයට දුකෙන් සිටින ජීවිත ද අපට හමු වී ඇත. දුකින් මිදේවා යයි පතමි.

සිංහ ලග්නය

21-09-2018 / 27-09-2018
ධන හානි 

හදිසි රෝගපීඩා ඇතිවීම හා සතුරු කරදර හොර හතුරන්ගෙන් කරදර ඇති කරයි. පිටරට රක‍ෂාවල් කරන අයට මේ කාලය තරමක් ශ=භඵල අඩු කරයි. පාසැල් යන දරුවන්ට ද සහන ඇති කරයි. විභාග ආදියෙන් ජය ලබා ගැනීමට ද හැකියාව ලැබේ.
ධන හානි ඇති කරයි. තැන්පත් ධනය වැයවීම්වලට ලක් කෙරෙයි. ඉතුරු කිරීමට නොහැකි වෙයි. වියදම් වැඩි කරයි. අනුන්ගෙන් යැපීමට වඩා තමාගේම උත්සාහයෙන් යමක් කර ගැනිමට නිතර උත්සාහ දරයි. ඈත ප්‍රදේශවලට දුර ගමන් බිමන් සංවිධානය කර ගනියි. සහෝදර පක‍ෂයේ උදව් ලබා ගැනීමට ද හැකිවෙයි. ඇඟපත උෂ්ණ අධික කරයි. අතපය තුවාලවීම්, හදිසි රෝහල් ගතවීම් ඇති කරයි.

ජය අංක :- 2, 3, 8
ජය වර්ණ :- කහ, රතු
ශ=භ දිනය :-  බදාදා, ඉරිදා

ඉගෙන ගන්නා දරුවන් රූපවාහිනී හා ටෙලිනාට්‍ය වැඩකට නැති චිත්‍රපට බැලීමට සිත ඇලී ගියොත් අධ්‍යාපනය කඩා කප්පල් වෙයි. සිත ඇදී යන්නේ විනෝදයට මිස ඉගෙනීමට නොවෙයි. එම නිසා ඉගෙන ගන්නා දු පුතුන් බාහිර දේවල්වලට හිත් යොමු නොකොට ඉගෙනිම්වල යෙදීම දියුණුවට හේතු වෙයි.

තුලා ලග්නය

21-09-2018 / 27-09-2018
නීතිමය ගැටලූ

ඉතා යහපත් කාල වකවානුවක් ඇති කරයි. මෙතෙක් කල් ප්‍රමාද වෙමින් පැවැති වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකි තත්තවයක් උදා කරයි. විශේෂයෙන් විවාහ ජීවිතයේ පැවැති ප්‍රති විරෝධතා නැති වී සහනයක් ඇති කරයි. ඒ වගේම මංගල යෝජනා ද ඇති කරයි. විවාහයට දින නියම වීමක් සිදු කර ගනියි. වියදම් අධික කරයි.
බලාපොරොත්තු රහිතව නීතියේ පිහිට ලබා ගැනීමට සිදු වෙයි. නැත්නම් උසාවි, පොලීසියට යාමට පවා සිදුවිය හැකියි. වැඩිහිටියන්ට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වෙයි. මව්ට හදිසි අසනීප ඇති විය හැකියි. ඇස්වල ආබාධ, පෙනීම දුර්වලතා, හිසේ බර ගතිය, සෙම් රෝග, අත් පා වේදනා ඇති කරයි.

ජය අංක :- 1, 4, 7
ජය වර්ණ :- රතු, නිල්
ශ=භ දිනය :-  බදාදා, සිකුරාදා

මල් වාගේ දරුවන් හැදුවා. නමුත් ගල් වාගේ ළමයි හිත් ඇති උනා කියලා කියනවා. ඉතින් මල් වාගේ දරුවන් හැදුවාට දරුවන් ගල් හිත් උනේ කෙසේද? කියා සිතාබැලිය යුතුයි. අපිට මොනවාද කලේ අපිට මොනවාද දුන්නේ, අපි අපිම හොයා ගන්නා ආදී දේවල් මව්පියන්ට කියන ළමයි එමට සිටියි.

වෘශ්චික ලග්නය

21-09-2018 / 27-09-2018
දුර ගමන් බිමන් ප්‍රවේශමෙන් 

දුර ගමනක් යාමට සංචාරය කිරීමට සැලසුම් සකස් කිරීමක් ඇති වෙයි. එහෙත් දුර ගමන් බිමන් යාමේ දී ඉතා ප්‍රවේශමෙන් හා සුපරීක්ෂාකාරීව යාම සිහියට ගත යුතුයි. අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට වගේම උසස් අධ්‍යාපනය ලබන දරු දැරියන්ට යහපත උදා කරයි. සහෝදරියකගේ ප්‍රශ්නයක් නිසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය කිරීමට සිදු වෙයි.
පිටරට සිටින අයට යම් රැකියාවේ ප්‍රශ්නයක් ඇති කලත් ඒවා සමනය කර ගැනීමට හෝ තම මව්බිමට ඒමට ඇති බාධක නැති වී ඒමට හැකියාව ලැබේ. කල් ගිය රෝග පීඩා යලිත් මතුවීම, හදිසි අනතුරු, ඇස්වල පෙනීම දුර්වල වීම ආදිය ඇති කරයි.

ජය අංක :- 3, 4, 7
ජය වර්ණ :- රතු, තැඹිලි
ශ=භ දිනය :-  අඟහරුවාදා, සිකුරාදා

ඔබට සියලූ සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමි. අපල ඒරාශ්ඨක ආදිය තිඛෙන නිසා ඔබට ජය ශ්‍රී බෝධි හාමුදුරුවන්ගේ පිිහිටෙන් සියලූ දුක් කරදර නිවේවායි පතමි.

ධනු ලග්නය

21-09-2018 / 27-09-2018
විශාල අලාභයක් ඇතිවීමට ගිය කරදරයක් යාන්තමින් බේරා ගැනීමට හැකිවෙයි. නැත්නම් මුදලත් නැති වී කරපු දෙයත් නැති වී හතුරන් ඇති වීමට තිබූ දෙයක් නිසා ප්‍රශ්නය යටපත් වෙයි. ආදායම් තත්ත්වය යම් ප්‍රගතියක් පෙන්නුම් කරන අතර රැකියා නොමැති අයට අළුත් රැකියා අවස්ථා උදා කරයි.

උසස් අධ්‍යාපනය ලබන දූ දරුවන්ට ද යහපත් තත්ත්වයක් උදා කරයි. බලාපොරොත්තුවූ ණය මුදලක් හෝ ලැබීමට ඇති මුදලක් ලබා ගැනීමට හැකිවෙයි. රාහු, කේතු මහ දශා අනු දශා ගෙවන අයට අපල වැඩි වෙයි. පුණ්‍ය කටයුතුවල යෙදීම යහපත් ය. අර්ශස් රෝග, ලේ පිටවීම්, වසවිස කැවීම් පෙවීම් ආදිය ඇති කරයි.

ජය අංක :- 2, 4, 9
ජය වර්ණ :- කහ, තැඹිලි
ශ=භ දිනය :-  ඉරිදා, බ්‍රහස්පතින්දා

අපි කරනපු පව්කම් පල දෙන්නේ කෙසේද යත් පැදගෙන යන කරත්ත රෝදය පසුපස තමන්ගේ පිටුපසින් එන බව ගොනා නොදන්නා බැවින් අප කළ පව් පසුපසින් ගමන් කරමින් දුක් දිදී අපායට ලං වෙයි. එහි අවුරුදු කල් කෝටි ගණනක් දුක් වි`දියි.

මකර ලග්නය

21-09-2018 / 27-09-2018
මිශ්‍රඵල උදා කරයි.

ආදායම් තත්ත්වය සතුටුදායක වෙයි. බලාපොරොත්තු වූ වැඩ පිළිවෙලකට යාමට හැකි වෙයි. උත්සාහය නිසාම වැඩ කටයුතු සාර්ථක කෙරෙයි. රැකියා නොමැතිව හා වැඩ තහනමට ලක් වී සිටින අයට නැවත රැකියා අවස්ථා ඇති කරයි.
අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ට මේ සතිය ඉතා යහපත් සතියක් බව කිව යුතුයි. විද්‍යා අධ්‍යාපනය ලබන දරුවන්ට ද විශේෂයි. විවාහ දිවිය තරමක් භේදකාරී බවක් ඇති කරයි. ඉවසීම අඩු වෙයි. හවුල් කටයුතු කඩාකප්පල් වෙයි. රාහු-කේතු දශා, මහ දශා, අතුරු දශා ගෙවන අයට තද බල අපලයි. මුත්‍රා රෝග, හිසේ කැක්කුම, පීනස, දත් රෝග හා කනේ රෝග ඇති කරයි.

ජය අංක :- 1, 2, 5
ජය වර්ණ :- කොළ, නිල්
ශ=භ දිනය :-  බදාදා, සෙනසුරාදා

කර්මය බලපාන හැම දෙයක්ම පැහැදිලියි. කර්මානුකූලව ඉපදෙයි. කර්මානුකූලව මැරෙයි. දොරට තට්ටු කළවිට ශබ්දය නැෙ`ගයි. එහෙනම් එය කර්මය අනුව ශබ්දය පිට වෙයි. ඒ අර කළ කර්මය නිසයි. ඒ අනුව අප කළ ක්‍රියාවට ද විපාකයක් තිබිය යුතුයි. ඒක තමයි කර්මය.

කුම්භ ලග්නය

21-09-2018 / 27-09-2018
ආර්ථීක පහත වැටීමක්

මේ සතිය ඔබට එතරම් ශ=භ සතිය නොවෙයි. හදිසි කරදර හා හදිසි අනතුරු, නඩුහබ ආදියට මුහුණ දීමට සිදුවි හැකියි. නැත්නම් ප්‍රතිකාර සඳහා රෝහල් ගතවීමක් සිදුවිය හැකියි. අධික වියදම් ඇති කරයි. ආදායම් තත්ත්වය පහල වැටීමක් ඇති කරනු ලබයි. එහෙත් හදිසි වාසනා තත්ත්වයන් උදා කරයි. ඒ කියන්නේ ලැබීම්වලට යහපත් වෙයි.
අධ්‍යාපනය ලබන අයට තරමක් අසීරු අවස්ථා ඇති කරයි. මන්දගාමී වෙයි. කතාවෙන් ජය ගැනීමක් කලත් පසුව පසුතැවිලි වීමට සිදුවෙයි. කලින් විදේශ ගත කළ මිතුරකු නැවත හමුවීමක් නිසා සිතට සතුටක් ඇති කරයි. අතපය වේදනා, හදිසි අනතුරු හා ඇස්වල රෝග, දත් රෝග ඇති කරයි.

ජය අංක :- 6, 7, 9
ජය වර්ණ :- කොළ, නිල්
ශ=භ දිනය :-  බදාදා, සෙනසුරාදා

මේ ජීවිතයේ වැඩි කාලයක් නිදා ගැනීම කරයි. වැඩ කරන වේලාව ඉතා ස්වල්පයි. අවුරුද්දකට භාග්‍යක්ම නිදා ගැනීම සිදුවී ඇත. බුදුහිමියන් පැය දෙකක් පමණ වේලාවක් සැතපෙයි. ඉදිරි කාලයම මිනිසුන්ගේ හිතසුව පිණිසම වැඩ කරයි.

මීන ලග්නය

21-09-2018 / 27-09-2018
වැඩ කටයුතු හෙමින් 

ආදායම් තත්ත්වය යහපත් අතට හැරෙයි. මෙතෙක් පැවැති අඹු-සැමි ආරවුල් සමථයකට පත් කර ගැනීමට හැකි වෙයි. ස්ථාන කරදර දුරු වී යයි. දෝෂ ද නැති වී යයි. හවුල් කටයුතු අවුල් වෙයි. වැඩිහිටි අයගෙන් චෝදනා ඇසීමට සිදු වන අතර ඒ අය සමඟ වාද විවාද ඇති කරයි.
ඉගෙන ගන්නා දූ දරුවන්ට ඉතාමත් යහපත් සතියක් උදා කරන කියන වැඩ කටයුතු අඩාල කරයි. සෙමින් සෙමින් වැඩ කෙරෙයි. වතුපිටි හා පොළොවෙන් ආදායම් හිමි කරයි. මැණික් කර්මාන්තයේ යෙදී සිටින අයට ඉතා යහපත් වෙයි. මුත්‍රා දෝෂ, ලේවල සීනි වැඩිවීම, අර්ශස් රෝග, පපුවේ දැවිලි ආදිය ඇති කරයි.

ජය අංක :- 1, 7, 9
ජය වර්ණ :- කහ, තැඹිලි
ශ=භ දිනය :-  බ්‍රහස්පතින්දා, ඉරිදා

දේශපාලන කරන මැති ඇමැති හා ප්‍රධාන පාලකයින් සමඟ සහ ස්වාමීන් වහන්සේ සමඟ කතා බහ කිරීමේ දී ඉතා පරිස්සම් විය යුතුය. මොකද ගින්දර සමඟ සෙල්ලම් කිරීමක් වැනිය. භික‍ෂූන්ගේ හිත රිදවීමක් සිදු වුනොත් එයින් පාපයක් සිදුවෙයි. දේශපාලකයින් සමඟ කතා වැරදුනොත් ඉදලා ඉවරයි. ඒකයි ගිනි කිව්වේ

feature-top

More News »

add_one