Views  

20-10-2017 / 26-10-2017
වෘශ්චික ලග්නය

අශ=භ සතියක්

මෙතෙක් කල් පැවැති මානසික පීඩාකාරී බව අඩු වී ගියත් ඒරාශ්ඨක බව පවතී. 2 වැන්නට එන ශනි ග්‍රහයා ධනය නැති කරන අතර විවාහ දිවිය ද අවුල් සහගත තත්ත්වයක් උදා කරයි. පවුලේ ප්‍රහ්න ඇති කරන කතාව නිසා අන් අයගේ සිත් රිදීමක් ඇති කරයි. වෛර සිතුවිලි හා කෝප ගති ඇති කරයි.
ඉවසීමෙන් හා සංසුන්ව සිටීම යහපතට හේතු වෙයි. ආර්ථීක වශයෙන් දුෂ්කරතා පැන නඟියි. ධන අහේනිය හා ණය තුරුද් නීමට හා බඩු උගස් තැබීමට පවා සිදුවිය හැකියි. මව්ට හා පියාට ද අපල ඇති කරයි. එහෙත් සමහර අවස්ථාවල ආදායම් තත්ත්වය ඉහල යාමක් සිදුවිය හැකියි. සති අන්තය වනවිට එය යලි පහතට වැටීමක් සිදුවිය හැකියි. උගුර, සෙම වියලීම, කැස්ස, කතාවේ ස්ථීර වෙනස් වීම, ඇස්වල රෝග, කන්වල කැක්කුම්, අර්ශස් රෝග ඇති කරයි.

ජය අංක :- 2, 4, 7
ජය වර්ණ :- රතු, තැඹිලි
ශ=භ දිනය :-  අඟහරුවාදා, සිකුරාදා

තමා අයත් දෙයක් අනෙකුකට අයිතිවීම හෝ නොඉවසන්නා වූ ද තමා අයත් දෙයකින් අනෙකුට ප්‍රයෝජනයක් වීම නොඉවසන්්්්්නා වූ ද තමාගේ සම්පත්තිය වැනි සම්පත්තියක් අනෙකුකට ඇතිවීම නොඉවසන්නා වූ ද තමගේ සම්පත්තිය අන්‍යයන් දැක ගැනීම නොඉවසන්නා වූ ද ස්වභාවය, මාත්සය්‍ය_යයි. අධික මසුරු බව ඇත්තේ තමාට ප්‍රයෝජනයක් නැති නිසා අත්හල දෙයක් වුව ද අනෙකකු විසින් ගැනීම නොඉවසයි. තමා අයත් දෙයයක් දීම ගැන කියනු කිම (අභිධර්මය)




Aries_Mesha
Taurus_Wushabha
Gemini_Mituna
Cancer_Kataka
Leo_Singha
Virago_Kanya
Libra_Thula
Scorpio_Wushchika
Sagittarius_Dhanu
Capricorn_makara
Aquarius_Kumbha
Pisces_Meena