Views  

24-03-2017 / 30-03-2017
මීන ලග්නය

රුධිර පීඩන

ආදායම් තත්ත්වය සතුටුදායක වෙයි. කරන කටයුතුවල ප්‍රමාදවීම් හා අතපසු ඇති කරයි. සෙමින් සෙමින් වැඩ කටයුතු කෙරෙයි. උත්සාහය තරමට ප්‍රතිඵල හීන කරයි. කාටවත් හිස පාත්කර වැඩ කිරීමට කැමැත්තක් නැත. මාන්නය ඇති වෙයි. අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගැනීමට නොයා යුතුයි. මංගල යෝජනා ඉදිරිපත් වෙයි. එහෙත් තමන්ගේ මට්ටමට ගැන සිතා ගැලපේ නම් පමණක් කැමැති වෙයි.
යහපත් විවාහයකට අත්තිවාරම වැටීමට බොහෝදුරට ඉඩ ප්‍රස්ථා ඇති කරයි. රුධිර පීඩන හෝ අධි රුධිර පීඩන තත්ත්වයන් ඇති වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව සිටිය යුතුයි. මව්ට තරමක් අපල ඇති කරයි. සතුරු කරදර ඇති නොකරයි. ලේවල දෝෂ හා රුධිර පීඩා, හිසේ බර ගතිය, උගුරේ අමාරු, සෙම් ගෙඩි ආදිය ඇති විය හැකියි.

ජය අංක :- 1, 2, 7
ජය වර්ණ :- කහ, තැඹිලි
ශ=භ දිනය :- බ්‍රහස්පතින්දා, ඉරිදා

ණය ගැනීමෙන්, ණයට දීමෙන් ඉතා ප්‍රවේශමෙන් කළ යුතු දෙයකි. මන්ද ? රටක් ණය ඕනෑවට වඩා ගත්තොත් ඒ අර රටේ වෙසෙන රට වැසියාට ඒ බර ගෙවීමට සිදු වෙයි. ගෙදරක වුවත් ගෙදර සැමියා හෝ බිරිඳ ඕනෑවට වඩා ණය ගන්නේ නම් ආර්ථීකය පාලනය කර ගැනීම දුෂAකර වෙයි. ඒ අර ණය පියවා ගැනීමට යාම නිසා තමන්ගේ ආර්ථීකය බිඳ වැටෙයි. එම නිසා ණය නොවී ජීවත් වීමට නම් ලද දෙයින් සතුටුව සිටිය යුතුයි. එවිට හිතට සංසුන්ව ජීවත්විය හැකි නිසාවෙනි.



Aries_Mesha
Taurus_Wushabha
Gemini_Mituna
Cancer_Kataka
Leo_Singha
Virago_Kanya
Libra_Thula
Scorpio_Wushchika
Sagittarius_Dhanu
Capricorn_makara
Aquarius_Kumbha
Pisces_Meena