Views  

18-08-2017 / 24-08-2017
සිංහ ලග්නය

මිශ්‍රඵල

ආදායම් තත්ත්වය යහපත් අතට හැරෙයි. ලැබීම්වලට හොඳයි. බලාපොරොත්තු වූ ආකාරයට ආදායම් තත්ත්වය ලැබීම නිසා යම්කිසි වැඩකට ආරම්භයක් ගත හැකිවෙයි. එහෙත් කාගේවත් කීමක් හෝ අදහස්වලට ගරුකිරීමක් සවන්දීමත් නැත. තමාගේම හිතුවක්කාර තීරණ නිසා යම් යම් දේවල්වලින් පාඩු සිදු කර ගනියි.
සිත තද තීරණ වලට යාම නිසා හිතුවක්කාර අතර අසමඟිතා හා එපාවීම් ඇති කරයි. හිස කෙලින් කර තබා ගැනීම මිස හිස පාත් කිරීමට කැමැත්තක් නැත. අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට ඉතා යහපත් සතියක් බව පෙනෙයි. විභාග ආදියෙන් ජය ලැබීමටද හැකියාව ලැඛෙයි. රුධිර පීඩන, ලේවල දෝෂ, ඇස් රෝග, දත්වල රෝග ඇති කරයි.

ජය අංක :- 1, 2, 8
ජය වර්ණ :- රතු, තැඹිලි
ශ=භ දිනය :- ඉරිදා, බදාදා

අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛ්‍ය :- අප්‍රිය වස්තූන් හා අප්‍රිය පුද්ගලයන් මුණ ගැසීම් අප්‍රිය සම්ප්‍රයෝග දුකටයි කියනු ලැබේ. කුණු, කසල, සෙම්, සොටු, මල මුත්‍රා දී දැකීමට අප්‍රිය වු වස්තූහු ද අමිහිරි වූ ඇසීමට අප්‍රිය වූ ගන්ධයෝ ද තික්තාදී අප්‍රිය රසයෙන් ද, ශරීරය හා ස්පර්ශ වූ කල්හි දුක් උපදින අනිෂ්ඨ සර්පයෝද යන මොවුහු අප්‍රිය වස්තූහු ය. මේ සියල්ල දුක් සහිත ය. අප්‍රියයන් හා එක්වීම යනු තමාට සතුරු පුද්ගලයන් එක්වීම දුකකි. අප බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කළ සේක.



Aries_Mesha
Taurus_Wushabha
Gemini_Mituna
Cancer_Kataka
Leo_Singha
Virago_Kanya
Libra_Thula
Scorpio_Wushchika
Sagittarius_Dhanu
Capricorn_makara
Aquarius_Kumbha
Pisces_Meena