Views  

20-10-2017 / 26-10-2017
මිථුන ලග්නය

අඹු-සැමි ආරවුල්

මෙතෙක් සතුටින් හා විනෝදයෙන් කල් ගත කරපු පවුල් හා යුග ජීවිත ගත කරණ අයට සිත් තැවුල් හා කලකිරීම් ඇති කරයි. සිතේ පැවැති එඩිතර බව හා ඉදිරියට යන ගතිය නැතිවී ඛෙලහීන තත්ත්වයක් උදා කරයි. විභාග ආදියෙන් ජය අත් කර දීම හා අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ඇති කරලීම සිදුවෙයි.
ස්ථානයේ පැවැති දෝෂ ගති පහව යයි. ඉඩම් ප්‍රශ්න ආදී ආවත් ඒවා යටපත් වී යයි. වාහන හා නිවාස අළුත් වැඩියා කරලීමට හැකි තත්ත්වයක් උදා කරයි. හවුලේ කරන වැඩවලින් පාඩු සිදුවෙයි. විවාහවීමට සිටින හෝ අළුතින් විවාහය අවතිර්ණ වන අයට කරදරයකින් තොරව වැඩ කිරීම සිදුවුවත් පසුව ඒවා කඩා කප්පල් වී යාමට ඉඩ ඇති කරයි. අර්ශස් රෝග, මුත්‍රා දෝෂ, පපුවේ සෙම් රෝග ඇති කරයි.

ජය අංක :- 4, 7, 9
ජය වර්ණ :- කොළ, නිල්
ශ=භ දිනය :- බදාදා, සෙනසුරාදා

ලෝභය ගින්නක් මෙන් සත්ත්වය සත්තානයේ දවන තවන ධර්මයකි. යම් කිසිවක් පිළිබඳ ලෝභය ඇති වූ කල්හි ඒ දෙය ලබනු පිණිස සත්ත්වයන් බොහෝ වෙහෙසෙන්නේ බොහෝ දුක් ගන්නේ, ලෝභයෙන් කෙරෙන ඒ දැවීම තැවීම සිටීමට අපහසු බැවිනි. සාගින්නෙන් පෙළෙන තැනැත්තා හට එය නිවෙන්නේ ඒ අමාරුව සංසිදෙන්නේ ආහාරයක් ගැනීමෙනි. ඒ වගේම ලෝභාග්නිය නිවෙන්නේද ලෝභ කල දෙය ලැබීමෙනි. ලෝභනීය වස්තුව ලෝභයේ ආහාරය ය.




Aries_Mesha
Taurus_Wushabha
Gemini_Mituna
Cancer_Kataka
Leo_Singha
Virago_Kanya
Libra_Thula
Scorpio_Wushchika
Sagittarius_Dhanu
Capricorn_makara
Aquarius_Kumbha
Pisces_Meena