Views  

19-05-2017 / 25-05-2017
කටක ලග්නය

ආරෝග්‍යශාලාවල්වලට යාමට සිදුවිය හැකියි. තුවාලවීම් හා අනතුරුවලින් ඇතිවන විපත් නිසා එම තත්ත්වය පෙන්නුම් කරයි. ස්ථාන කරදරයක් ඇති කලත් ඒවා නිවාරණය වෙයි. රාජ්‍ය උත්සව හා රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට හැකි වෙයි. ඒවගේම රජයේ රැකියා බලාපොරොත්තු වන අයට ඒ සඳහා අවස්ථා උදා කරයි.
රාජ්‍ය නිළධාරීන්ට උසස් තත්ත්වයන් ඇති කරයි. තනතුරු ලාභ ආදිය ඇති කරයි. මිනිරන් පතල්වල, මැණික් පතල්වල හෝ දියමන්ති පතල්වල කර්මාන්තයේ යෙදී සිටින අය ඉතා යහපත් බව පෙනෙයි. ඉඩම් ලාභ ආදියට ද හේතු වෙයි. පවුලේ සහෝදර පක‍ෂය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට හැකිවීම නිසා යම් ප්‍රගතියක් ඒ පිළිබඳව ඇති කරයි. අතපය තුවාලවීම්, අත්වල අමාරු, වාතය, පිත, සෙම රෝග, ඇදුම තියන අයට සෞඛ්‍යයට අහිතකරයි.

ජය අංක :- 3, 4, 8
ජය වර්ණ :- සුදු, රතු
ශ=භ දිනය :- සඳුදා, සිකුරාදා


තරව ද්වේෂය ඇති වූ කල්හි එයින් ද අනේකප්‍රකාර අකුශල ධර්මයෙන් නැගී එති. ද්වේෂය ලෝභයට වඩා දරුණු ය. ලෝභයෙන් අකුශලයන් නැගී වැටී එන්නේ සෙමිනි. ද්වේෂය ඉතා වේගයෙන් අකුශල ධර්මයෝ වහා නැගී එති. මුහුණ යක් මුහුණක් බදු වෙයි. පරුෂ වචන කියයි. අත් පා ඔසවයි. පොලූ, කඩු, කිනිසි, තුවක්කු ගනී. අනුන්ට පහර දෙයි. සමහරවිට අනුන් මරයි. ගෙවල් ගිනි තියයි. සේරටම මුල ද්වේෂයයි. සමහරවිට දිවි නසා ගනි. මේ සේරටම මුල ද්වේෂයයි.
(කෙලෙස් 1500 පොතෙන් උපුටා ගන්නා ලදී)




Aries_Mesha
Taurus_Wushabha
Gemini_Mituna
Cancer_Kataka
Leo_Singha
Virago_Kanya
Libra_Thula
Scorpio_Wushchika
Sagittarius_Dhanu
Capricorn_makara
Aquarius_Kumbha
Pisces_Meena