Views  

18-08-2017 / 24-08-2017
මේෂ ලග්නය

සහෝදරියකගේ සහය

දුර ගමන් බිමන් යාමට සැලසුම් සකස් කිරීමක් ඇති කර ගනියි. සහෝදරියකගේ උදව් උපකාරයක් ඇතිව යම් වැඩක් නිමකර ගැනීමට හැකි වෙයි. ස්ථාන, කරදර වරින් වර ඇති කරයි. බාධා ඇති කරයි. එහෙත් උත්සාහය හා කැපවීම නිසා වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය හා බලය ලැඛෙයි.
ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින දූ දරුවන්ට ඉතා යහපත් වන අතර ඒ අයගේ එදිනෙදා වැඩ කටයුතුවල කැපී පෙනෙන දියුණුවක පෙන්නුම් කරයි. කාම සිතුවිලි පහල කරවන මේ සතිය හිත පාලනය කර ගැනීම දුෂ්කර වෙයි. හොර රහස් කටයුතුවලින් සම්බන්ධතා ගොඩනගා ගැනීමට සිත පෙළඹෙයි. පපුවේ වේදනා, අර්ශස් රෝග, බඩ වියලීම, ජලය අඩුකම ආදිය ඇති කරයි.

ජය අංක :- 3, 4, 5
ජය වර්ණ :- රතු, කහ
ශ=භ දිනය :- අඟහරුවාදා, සිකුරාදා

ශෝකය :- රන්, රිදී, මුතු මැණික්, මිල මුදල්, ගේ වතු කුඹුරු ආදිය ප්‍රිය වස්තූන් විනාශයෙන් ද අන්‍යයන් විසින් පැහැර ගැනීමෙන් ද අඹු දරු ආදී ප්‍රිය පුද්ගලයන්ගේ විනාශයෙන් ද ඔවුනට වූ හානිවලින්ද තමහට වන රෝගා දී අන්තරායන්ගෙන්ද, වන්නා වූ සිත දැවීම ශෝක නම් වේ. මෙය ද සසර සැරිසරන සත්ත්වයා හට නොයෙක්විට පැමිණෙන්නා වූ දුකෙකි. එය විනාශවන වස්තුවෙහි ප්‍රියත්වයෙහි වැඩි පමණට මහත්ව ඇති වන්නා වූ දුකකි.



Aries_Mesha
Taurus_Wushabha
Gemini_Mituna
Cancer_Kataka
Leo_Singha
Virago_Kanya
Libra_Thula
Scorpio_Wushchika
Sagittarius_Dhanu
Capricorn_makara
Aquarius_Kumbha
Pisces_Meena