Views  

24-03-2017 / 30-03-2017
කුම්භ ලග්නය

පවුලේ ප්‍රධානත්වයට

විශේෂ ගමනක් යාමට තීරණයක් කර ගනියි. ඒ වගේම තමන් ගත් තීරණය යහපත් එකක් යයි. තමාටම වැටහේ. එහෙත් හොඳට සොයා බලා තීරණ ගැනීම යහපතට හේතු වෙයි. හදිසි තීරණ තමාට අවාසි සහගත වෙයි. පවුලේ ප්‍රධානත්වය අතට ගෙන වැඩ කිරීමට සිදු වෙයි. හවුලේ කරන කටයුතු අවුල් වීමට පුළුවන.
කල්පනාවෙන් පරීක්ෂාවෙන් කටයුතු කරන්න. ඉගෙනුම් ලබන දරු දැරියන්ට ඉතා යහපත් වන අතර විශේෂ දියුණුවක් බුද්ධි මට්ටම ඉහළ යාමක් ඇති කෙරෙයි. තනිව වාසය කිරීමට ප්‍රිය වෙයි. ඒ සඳහා හුදකලාව ජීවිතය අගේය කියා සිතයි. ඉඩම් දේපලවල ප්‍රශ්න මතුවිය හැකියි. මුත්‍රා දෝෂ, ලේවල දෝෂ, කනේ අමාරු, ඇස්වල රෝග ඇති කරයි.

ජය අංක :- 2, 3, 8
ජය වර්ණ :- කොළ, නිල්
ශ=භ දිනය :- සෙනසුරාදා, බදාදා

ගණන්කාරයින්ට ආයුෂ කෙටියි. චව්ඩින්ට ද ආයුෂ කෙටියි. අනුන්ට හිංසා පීඩා කරන අනුන්ටවල කපන අයට ද ආයුෂ අඩුයි. එහෙත් සමහර අය සැපසේ සිටියි. ඒ ඇර ඔහුගේ හෝ ඇයගේ ග්‍රහබලය හොඳ නිසයි. පාප කාලයට මුහුණ දෙනවිට ඔහුගේ හෝ ඇයගේ ලිපිනය සොයා ගැනිමට නොහැකි වෙයි. ඒ අතරමට ගිනියම් වි සොයා ගැනීමට නොහැකි වෙයි. අතුරුදහන් වෙයි.



Aries_Mesha
Taurus_Wushabha
Gemini_Mituna
Cancer_Kataka
Leo_Singha
Virago_Kanya
Libra_Thula
Scorpio_Wushchika
Sagittarius_Dhanu
Capricorn_makara
Aquarius_Kumbha
Pisces_Meena